අඟහරුවාදා 30 නොවැම්බර් 2021 - 1:10:19 පස්වරු (ප.ව.)

සෞදි අරාබිය ඉලක්ක කරගනිමින් Houthi සටන්කාමින් විසින් එල්ල කළ ප්‍රහාරය එක්සත් අරාබි එමීර් රාජ්‍යය හෙළා දකී


අබුඩාබි, 2021 අගෝස්තු 19 (WAM) -- සෞදි අරාබියේ පුපුරණ ද්‍රව්‍ය ඩ්‍රෝන යානා දෙකක් සමඟ ක්‍රමානුකූලව හා හිතාමතාම සිවිල් වැසියන් සහ සිවිල් වස්තූන් ඉලක්ක කර ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉරාන පිටුබලය ලබන ත‍්‍රස්තවාදී හූටි සටන්කාමීන්ගේ ක්‍රියා කලාපය දැඩි ලෙස හෙළා දැක තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු හා ජාත්‍යන්තර සහයෝගීතා අමාත්‍යාංශය (Ministry of Foreign Affairs and International Cooperation -MoFAIC) එක්සත් අරාබි එමීර් රාජ්‍යය හූටි සටන්කාමීන්ගේ මෙම ක්‍රමානුකූල ත්‍රස්ත ප්‍රහාර මගින් ජාත්‍යන්තර ප්‍රජාව සහ සියලු ජාත්‍යන්තර නීති හා සම්මතයන් නොසලකා හැරීම පිළිබිඹු කරන බව ඔවුන් සහතික කර තිබෙන බවටද අදාළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ.

සෞදි අරාබි රාජධානියේ ආරක්ෂාවට හා ස්ථාවරත්වයට තර්ජනයක් වන මෙම පුනරාවර්තන ක්‍රියාවන් නැවැත්වීම සඳහා ක්ෂණික හා තීරණාත්මක ස්ථාවරයක් ගන්නා ලෙස ද අමාත්‍යාංශය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය. කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය අඩපණ කිරීමට මිලීෂියාව විසින් ගනු ලබන උත්සාහයන් දැඩි ලෙස හෙළා දැක තිබේ.

මෙම ත්‍රස්තවාදී ක්‍රියාවන්ට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සෞදි අරාබිය සමඟ ඇති පූර්ණ සහයෝගිතාවය සහ එහි ආරක්ෂාවට හා ස්ථාවරත්වයට ඇති ඕනෑම තර්ජනයකට එරෙහි වීමට ඇති නොසැලෙන කැපවීම විදේශ කටයුතු හා ජාත්‍යන්තර සහයෝගීතා අමාත්‍යාංශය (Ministry of Foreign Affairs and International Cooperation -MoFAIC) විසින් අලුත් කරන ලදී.

http://wam.ae/en/details/1395302961805 WAM / සිංහල

WAM/Sinhala