අබු ඩාබි, 2020, ජුනි 9 (WAM) -- වත්මන් කොරෝනා වසංගතය හේතුවෙන් කුවේටයේ වාණිජ ගුවන් ගමන් අත්හිටුවා තිබියදී, කුවේට්හි එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාර්යාලයේ සහාය ඇතුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු හා ජාත්‍යන්තර සහයෝගීතා අමාත්‍යාංශයේ (MoFAIC) අනුගාමිකත්වය යටතේ විදේශයක අතරමංව සිටි ලාබාලම එමිරාටි ජාතික දරුවා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට රැගෙනවිත් තිබේ.
වෛද්‍ය අබ්දුල්ලා අල් අමිරිගේ සිඟිති දියණිය වන මාස දෙකක සෙzයිනා අල් අමිරි පසුගිය අප්‍රේල් මාසයේ කුවේටයේදී උපත ලැබීය. වෛද්‍ය අල් අමිරි එක්සත් ජනපදයේ ක්ලීව්ලන්ඩ් හි සායන පුහුණු වැඩසටහනකට සහභාගීවී සිටි අතර පුංචි සෙzයිනාගේ මව සහ වැඩිමහල් සොහොයුරා වන සzයීඩ් 2019 ජූලි මාසයේ සිට කුවේටයේ පදිංචිව සිටියහ.
කෙසේ වෙතත්, COVID-19 වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තවීමත් සමඟ වෛද්‍ය අල් අමිරි 2020 මාර්තු මාසයේදී නැවත එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණ වෛරසය පැතිරීම වැළැක්වීමට ප්‍රමුඛත්වය ගෙන සෞඛ්‍ය සේවකයින්ගේ සේවයට බැඳී තිබේ.
"මාස දහයකට පසු, විදේශ කටයුතු හා ජාත්‍යන්තර සහයෝගීතා අමාත්‍යාංශය සහ කුවේට්හි එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් මගේ දරුවා වන සෙzයිනා සඳහා හදිසි විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කළ අතර, මගේ පවුලේ අය ආරක්ෂිතව මව්බිමට පැමිණියහ." වෛද්‍ය අල් අමිරි මහතා සිහිපත් කළේය.
දැනට විදේශගතව සිටින එමිරාටි පුරවැසියන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ උත්සාහය අඛණ්ඩව සිදුකරන බව විදේශ කටයුතු හා ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍යාංශය පවසයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාර්යාල සහ දූත මණ්ඩල සමඟ සම්බන්ධීකරණ උත්සාහයන් මෙන්ම එමිරාතිවරුන්ගේ ආරක්ෂාව සහතික කරමින් නැවත ගෙන්වාගැනීමට බලධාරීන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවට MoFAICය නිවේදනයක් මගින් නිකුත් කර තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම සහ ඔවුන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියා පටිපාටි සඳහා පහසුකම් සැලසීම සඳහා අමාත්‍යාංශය දැඩි කැපවීමකින් කටයුතු කරමින් සිටින බවට MoFAICහි නියෝජ්‍ය ලේඛම් කාලිඩ් අබ්දුල්ලා බෙල්හෝල් මහතා පවසා සිටී.
විදෙස්ගතව සිටින එමිරාටිවරුන්ව ආරක්ෂිතව මව්රට කරා රැගෙන ඒම සඳහා ජාතික හදිසි අර්බුද හා ආපදා කළමනාකරණ අධිකාරිය මෙන්ම අදාළ අනෙකුත් සියළු පාර්ශවයන් සමඟ සම්බන්ධීකරණය කරමින් සිටින බවට MoFAICය අවධාරණය කර තිබේ.
විදේශ කටයුතු හා ජාත්‍යන්තර සහයෝගීතා අමාත්‍යාංශය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දූත මණ්ඩල හරහා අලුත උපන් දරුවන්ට, සොරකමට පත්වූ, කල් ඉකුත්වූ හෝ හානියට පත්වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ ගමන් බලපත්‍ර වෙනුවෙන් හදිසි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන අතර, අවශ්‍ය අයදුම්පත් MOFAIC වෙබ් අඩවිය හෝ UAEMOFAIC ස්මාර්ට් ඇප් එක හරහා බාගත කිරීමට හැකිවනු ඇත.
http://www.wam.ae/en/details/1395302847412 WAM / රුෂ්ඩි නිශාර්