අබු ඩාබි, 2020 අගෝස්තු 15 (WAM) -- අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සන්නාහ සන්නද්ධ හමුදාවේ නියෝජ්‍ය උත්තරීතර අණදෙන නිලධාරී Sheikh Mohamed bin Zayed Al Nahyan මහතා සහ බහරේනයේ Hamad bin Isa Al Khalifa රජු අතර සිදුවූ දූරකථන සංවාදයේදී දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව අවධාණය යොමු කරමින් සාකච්ඡාවට ලක්කර තිබේ.
ඒකාබද්ධ සහයෝගීතාව හා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ ක්‍රම පිළිබඳව ද නායකයින් දෙදෙනා සාකච්ඡා කර තිබෙන අතර නවතම කලාපීය හා ගෝලීය ගැටළු සහ අන්‍යෝන්‍ය සබඳතා වර්ධනය කිරීම පිළිබඳවද ඔවුන් එහිදී අදහස් හුවමාරු කර ගෙන තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊශ්‍රායලය සම්බන්ධව ගනු ලැබූ ඓතිහාසික සාම පියවර ගැන බහරේනයේ හමාඩ් රජතුමා සුබ පැතූ අතර සාමය ශක්තිමත් කිරීමට සහ මැදපෙරදිග ස්ථාවරත්වය ඉහළ නැංවීමට එය දායක වනු ඇති බව අවධාරණය කරමින් ආරක්ෂාව, ප්‍රගතිය සහ සමෘද්ධිය සඳහා තම ජනතාවගේ අභිලාෂයන්ට සේවය සපයයි.
පලස්තීන භූමිය ඈඳා ගැනීමේ ඊශ්‍රායල තීරණය නැවැත්වීමට මග පාදා දුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අතර සාම ගිවිසුමට ප්‍රවිෂ්ට වීම ප්‍රශංසා කළ ඔහු එය රටවල් දෙකක් ස්ථාපිත කිරීම මගින් පලස්තීනුවන් සහ ඊශ්‍රායලයන් අතර සාමය හරහා විසඳුම් ලබා දෙමින් ආරක්ෂා කරන සහ අවස්ථාවන් පවත්වා ගෙන යන ඓතිහාසික රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණයක්" ලෙස විස්තර කළේය.
අරාබි සහ ඉස්ලාමීය ජාතීන්ගේ ප්‍රධාන වශයෙන් පලස්තීන අර්බුධය විසඳමින් එය ආරක්ෂා කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෞරවනීය ස්ථාවරය ද හමාඩ් රජු පැසසුමට ලක් කළේය.
එමෙන්ම, ෂෙයික් මොහොමඩ් විසින් හමාඩ් රජුට සිය කෘතඥතාව පළ කළ අතර කලාපීය ගැටලු සම්බන්ධයෙන් දෙරට අතර ඇති එකමුතුකම ගැන ආඩම්බර විය.
http://www.wam.ae/en/details/13953028623900 WAM / සිංහල