එක්සත් අරාබි එමීර් රාජ්‍යය කුඩා MeznSat චන්ද්‍රිකාව අභ්‍යවකාශයට දියත් කරයි

අබුඩාබි, 2020 සැප්තැම්බර් 28 (WAM) -- එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික ව්‍යාපෘතියක් වන MeznSat චන්ද්‍රිකාව අභ්‍යවකාශයට දියත් කිරීම, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අභ්‍යවකාශ ඒජන්සිය (UAE Space Agency), රාස් අල් කයිමා හි ඇමරිකානු විශ්ව විද්‍යාලය (AURAK) සහ කලීෆා විශ්ව විද්‍යාලයේ (KU) සහයෝගීත්වයෙන් රුසියාවේ Plesetsk Cosmodrome වෙතින් Soyuz-2b රොකට්ටුවකින් අභ්‍යාවකාශ ගත කර තිබේ.

nanosatellite එකක් වන MeznSat යානය බර කිලෝග්‍රෑම් 2.7 ක් පමණ වන අතර මිනුම් 10cm x 10cm x 30cm වේ. කලීෆා විශ්ව විද්‍යාලයේ (KU) පශ්චාත් උපාධි සිසුන් සහ රාස් අල් කයිමා හි ඇමරිකානු විශ්ව විද්‍යාලයේ (AURAK) උපාධි අපේක්ෂකයින් කණ්ඩායමක් කලීෆා විශ්වවිද්‍යාලයේ Yahsat රසායනාගාරයේ සහ ඇමරිකානු විශ්ව විද්‍යාලයේ (AURAK) සහායක භූමියේ යාන ය දියත් කරනු ලබන ස්ථානයට යවන ලද දත්ත අධීක්ෂණය, සැකසීම සහ විශ්ලේෂණය කරනු ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වායුගෝලයේ හරිතාගාර වායුව (Greenhouse Gas) සහ රතු උදම් සංසිද්ධිය අධ්‍යයනය කරන අතර විද්‍යාත්මක පර්යේෂණ පොහොසත් කිරීම සහ අභ්‍යවකාශයට සම්බන්ධ ක්‍රියාකාරකම් සංවිධානය කිරීම MeznSat හි අරමුණයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ MeznSat විසින් කෙටිකාලීන අධෝරක්ත වර්ණාවලීක්ෂය (shortwave infrared spectrometer) භාවිතා කරමින් හරිතාගාර වායු (Greenhouse Gas - GHG), සාන්ද්‍රණ (concentrations), කාබන් ඩයොක්සයිඩ් (carbon dioxide) සහ මීතේන් (methane) අධ්‍යයනය කර හඳුනා ගනු ඇත.

කලීෆා විශ්ව විද්‍යාලයේ සහ රාස් අල් කයිමා විශ්ව විද්‍යාලයේ සිසුන් කලීෆා විශ්ව විද්‍යාලයේ Yahsat අභ්‍යවකාශ විද්‍යාගාරයේ (Yahsat Space Lab) ප්‍රාථමික භූමි ස්ථානයෙන් සහ රාස් අල් කයිමා හි ඇමරිකානු විශ්ව විද්‍යාලයේ (AURAK) ද්විතීයික බිම් මධ්‍යස්ථානයේ දත්ත අධීක්ෂණය, සැකසීම සහ විශ්ලේෂණය කරනු ඇත.

චන්ද්‍රිකාව දියත් කිරීමේ දොරටුව මත තැබීම සහ චන්ද්‍රිකාවේ සූදානම පිළිබඳව අත්හදා බැලීම් සහ අවසාන පරීක්ෂාවන් සාර්ථකව සිදු කිරීම සඳහා වූ සියලු විශේෂ සූදානම සම්පූර්ණ කළ බව ඒජන්සිය තහවුරු කළේය.

නව චන්ද්‍රිකාව ලබන නොවැම්බර් මාසයේදී කක්ෂයට පැමිණීමට නියමිතය, එනම් එය දියත් කර මාසයකට පසුවය. කක්ෂයට පැමිණි පසු, ශිෂ්‍ය කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බිම් ස්ථානයක සිට දත්ත අධීක්ෂණය, සැකසීම සහ විශ්ලේෂණය කරනු ඇත.

වායුගෝලය අධීක්ෂණය කිරීමේ ක්‍රියාවලිය හා විශේෂඥතාව සාම්ප්‍රදායික පෘථිවි නිරීක්ෂණ වැඩසටහන් වලදී භාවිතා කරන ක්‍රියාවලියට සමාන වේ.

මෙම ව්‍යාපෘතිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අභිලාෂිත ජාතික අභ්‍යවකාශ වැඩසටහනට සහ එහි අනාගත ව්‍යාපෘති සඳහා අවශ්‍ය කුසලතා වර්ධනය කිරීමට එමිරාටි තරුණයින්ට අවශ්‍ය සහයෝගයන් ඉදිරියේදී ලැබෙනු ඇත.

දෘශ්‍ය කැමරාවක් (visible camera) මෙන්ම කෙටි තරංග අධෝරක්ත වර්ණාවලීක්ෂයක් භාවිතා කරමින් චන්ද්‍රිකාව මගින් වායුගෝලයේ මීතේන් සහ කාබන් ඩයොක්සයිඩ් බහුලත්වය හා ව්‍යාප්තිය මනිනු ඇත.

Arabian Gulf වෙරළබඩ මුහුදු තීරයේ ඇති පෝෂ්‍ය පදාර්ථ සාන්ද්‍රණය පිළිබඳ වටිනා අවබෝධයක් ද මෙමඟින් ලබා දෙන අතර එමඟින් algal blooms බවට වඩාත් නිවැරදිව පුරෝකථනය කිරීමට සහ අදාළ පූර්වාරක්ෂාව පිළිබඳ කාලෝචිත ලෙස ක්‍රියාත්මක කිරීමට සහාය වනු ඇත.

http://www.wam.ae/en/details/1395302873242 WAM / සිංහල