එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ දකුණු කොරියාවේ විශේෂ උපායමාර්ගික ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරමින් ආරක්ෂක සහයෝගීතාව ස්ථාපිත කිරීම පිළිබඳව සාකච්ඡා කරයි

SEOUL, 2020 නොවැම්බර් 12 (WAM) -- එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති හා උපායමාර්ගික කටයුතු පිළිබඳ සහකාර උප ලේකම් මේජර් ජනරාල් මාණ්ඩලික නියමු Falah Muhammad Al-Qahtani සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු හා ජාත්‍යන්තර සහයෝගීතා අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියා සහ පැසිෆික් කලාපීය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Ahmed Al Hay Al Hameli යන මහත්වරුන් විසින් කොරියාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති Abdullah Al Nuaimi ගේ ප්‍රධානත්වයෙන් දෙරට සබඳතා පිළිබඳව කොරියාවේ සෝල් නුවරදී 2020 නොවැම්බර් 10 සිට 12 දක්වා පැවති රැස්වීමට මුලසුන හොබවා තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු හා ජාත්‍යන්තර සහයෝගීතා අමාත්‍යංශය සහ කොරියානු ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය සහ කොරියානු ජනරජයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය අතර අධ්‍යක්ෂ ජනරාල් මට්ටමින් මෙම හමුව සිදුව තිබේ.

කොරියානු දූත පිරිසට නායකත්වය දෙනු ලැබුවේ කොරියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ අප්‍රිකානු හා මැද පෙරදිග කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් Koh Kyung-sok සහ කොරියාවේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ ජාත්‍යන්තර ප්‍රතිපත්ති කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් Sangjin Kim විසිනි.

මීට වසර 40 කට පෙර සහෝදර රටවල් දෙක අතර කැපී පෙනෙන හා විකාශනය වන සබඳතා සමාලෝචනය කරන ලදී. එමෙන්ම, සහයෝගීතාව සහ මිත්‍රත්වය ශක්තිමත් කිරීම සහ දෙරට අතර විශේෂ උපායමාර්ගික හවුල්කාරිත්වයක් වර්ධනය කර ගැනීමේ මාර්ග පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. එපමණක් නොව, පොදු උනන්දුවක් දක්වන නවතම කලාපීය හා ජාත්‍යන්තර වර්ධනයන් පිළිබඳවද සමාලෝචනයට ලක්කර තිබේ.

ගුවන් හා ආරක්ෂක යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනය කර ගත හැකි ආකාරය සහ අරාබි ගල්ෆ් කලාපයේ යාත්‍රා කිරීමේ නිදහසට ඇති තර්ජන විසඳීම පිළිබඳව දෙපාර්ශ්වයම සමාලෝචනය කර තිබේ. ඔවුන් දෙදෙනාම ඉහළ මට්ටමේ සංචාරවල නිරත වීමේ වැදගත්කම පිළිබඳව එකඟ වූ අතර ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාවයේ මට්ටමට ප්‍රශංසා කිරීමට ලක්කර තිබේ.

http://www.wam.ae/en/details/1395302885928 WAM / සිංහල