එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැය 24ක් තුළ COVID-19 පරීක්ෂණ 133,458 ක් සිදු කරයි, නව ආසාදිතයින් 2,404 ක් හඳුනාගනී, 2,454 ක් සුවවී, මරණ 3 ක් වාර්තාවේ 

අබුඩාබි, 2021 ජනවාරි 11 (WAM) -- අති නවීන වෛද්‍ය පරීක්ෂණ ක්‍රම උපයෝගී කරගනිමින් විසින් පැය 24ක් තුළ COVID-19 පරීක්ෂණ 133,458 ක් සිදුකර තිබෙන බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෞඛ්‍ය හා නිවාරණ අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

විශේෂයෙන් නව ආසාදිතයින් කල්තියා හඳුනා ගැනීම සහ ඔවුන්ට අවශ්‍ය නිසි ප්‍රතිකාර ලබාදීම සඳහා රට පුරා COVID-19 පරීක්ෂණ වැඩි කිරීමට සෞඛ්‍ය හා නිවාරණ අමාත්‍යාංශයේ සැලසුම් වලට අනුව මෙලෙස මෙම පරීක්ෂණයන් සිදු කර තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනය කළේ මෙලෙස කරනු ලැබූ COVID-19 පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස නව ආසාදිතයින් 2,404 ක් හඳුනාගෙන ඇති අතර ඒ අනුව වාර්තා වන සමස්ත ආසාදන සංඛ්‍යාව 232,982 දක්වා ඉහළ ගොස් තිබෙන බවකි.

මියගිය අයගේ පවුල්වලට අමාත්‍යාංශය සිය ශෝකය ප්‍රකාශ කළ අතර වර්තමාන COVID-19 රෝගීන්ට ඉක්මන් සහ සම්පූර්ණ සුවය ප්‍රාර්ථනා කළේය.

COVID-19 සංකූලතා හේතුවෙන් මරණ 3 ක් වාර්තා වී තිබෙන බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කර ඇති අතර එමඟින් රටේ සිදු වූ මරණ සංඛ්‍යාව 711 කි.

ඒ අනුව වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 2,454 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග සුවය ලැබූ මුළු රෝගීන් ගණන 208,366 දක්වා ඉහළ ගොස් තිබෙන බවටද සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

සෞඛ්‍ය බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙසත්, සියලු දෙනාගේ සෞඛ්‍යය හා ආරක්ෂාව සහතික කිරීම සඳහා සමාජ දුරස්ථ ප්‍රොටෝකෝල සහ වැළැක්වීමේ පියවර අනුගමනය කරන ලෙසත් අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

http://wam.ae/en/details/1395302900678 WAM / සිංහල