අබුඩාබි, 2021 පෙබරවාරි 3 (WAM) -- එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල්-අයින් පාපන්දු සමාජය ( Al-Ain Football Club) සහ ඊශ්‍රායලයේ මැකාබි හයිෆා (Israel’s Maccabi Haifa) පාපන්දු සමාජය මිත් තරඟ පැවැත්වීමට නියමිතව තිබේ. පසුගිය වසරේදී දෙරට අතර සබඳතා සාමාන්‍ය තත්වයට පත් වූ පසු මෙවැනි ක්‍රීඩා තරඟ පැවැත්වීමට පියවර ගනු ලබන පළමු අවස්ථාව මෙය වේ.
අද සවස ක්‍රීඩා සමාජ දෙක විසින් මෙම නිවේදනය නිකුත් කරනු ලැබුවේ අවබෝධතා ගිවිසුමක් සජීවීව අත්සන් කිරීමේ දී අල් අයින් පාපන්දු ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ සභාපති Mohamed Thaaloob Al Derei සහ ඊශ්‍රායලයේ මැකාබි හයිෆා සමාජය නියෝජනය කරමින් එහි සභාපති Yaqoub Shahar සහ මැකාබි හයිෆා සමාජයේ විධායක නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වී සිටි අවස්ථාවකය.
"මානව සහෝදරත්වය, සාමකාමී සහජීවනය, ඉවසීම, පිළිගැනීම සහ වටිනාකම් මූර්තිමත් කිරීම සඳහා අලෙවිකරණය, තාක්ෂණික සහයෝගීතාව, ආයෝජන, වාණිජ කටයුතු, මාධ්‍ය සහ ක්‍රීඩාව ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ප්‍රධාන සමාජ දෙක අතර පාලම් තැනීමේ සහ සහයෝගීතාවයේ ප්‍රතිපත්තිය මෙම ගිවිසුම මගින් තහවුරු කරනු ඇති බවට." Thaaloob මහතා පැවසීය.
"මෙම ඓතිහාසික හවුල්කාරිත්වය පිළිබඳව සැලකිලිමත් වන සියලු පාර්ශවයන්ට මම මෙහි සුබ පතමි. අපගේ මධ්‍යස්ථ ආගමේ මූලධර්ම කෙරෙහි අපගේ කැපවීම නැවත තහවුරු කිරීමට සහ අපගේ බුද්ධිමත් නායකත්වයේ ප්‍රවේශය දිගටම කරගෙන යාමට මෙම අවස්ථාව මම ප්‍රයෝජනයට ගනිමි." යනුවෙන් ද ඔහු සඳහන් කර තිබේ.
මෙම ගිවිසුම යටතේ, පාපන්දු ක්‍රීඩා සමාජ දෙක මිත්‍ර තරඟයන් දෙකක් සංවිධානය කරමින් පැවැත්වීමට එකඟ වූ අතර, පළමුවැන්න Al-Ain හි හසා බින් සයීඩ් ක්‍රීඩාංගණයේ දී (Hazza Bin Zayed Stadium) පැවැත්වීමට නියමිත අතර, දෙවැන්න හයිෆා හි දී නිශ්චිත අනාගත දිනයක පැවැත්වීමට නියමිතය.
"ඊශ්‍රායල හා එමිරාටි ක්‍රීඩාවේ ඉතිහාසයේ මෙම වැදගත් අවස්ථාව දැකීමට ලැබීම ගැන මම සතුටු වෙමි. පොදුවේ ක්‍රීඩා සඳහාද," Maccabi Haifa පාපන්දු ක්‍රීඩා සමාජයේ සභාපති Yaqoub Shahar පැවසීය.
"ක්‍රීඩාව තුළින් මිත්‍ර සබඳතා වර්ධනය කර ගත හැකි බව මම සැමවිටම විශ්වාස කර ඇත්තෙමි. මෙම අවබෝධතා ගිවිසුම මගින් ක්‍රීඩා හා ව්‍යාපාරික යන දෙඅංශයේම සහයෝගීතාවයන් ඇතුළත් වන සම්බන්ධතාවයක් නිර්මාණය වේ."
පසුගිය වසරේ දෙසැම්බරයේදී එමිරාටි සහ ඊශ්‍රායල පාපන්දු සම්මේලන සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබූ අතර එය දෙරට අතර පළමුවැන්න වන අතර එය වඩාත් සමීප ක්‍රීඩා සබඳතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් විය.
http://wam.ae/en/details/1395302906910 WAM / සිංහල