බදාදා 12 මැයි 2021 - 12:56:42 පස්වරු (ප.ව.)

පිලිප් කුමරුගේ අභාවය සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකයන් එලිසබෙත් රැජිනට සමඟ ශෝකය පළ කරයි 


අබුඩාබි, 2021 අප්‍රේල් 09 (WAM) -- බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණගේ ස්වාමි පුරුෂයා වන පිලිප් කුමරු මීට ටික වේලාවකට පෙර අභාවප්‍රාප්ත වූ බව දැනගත් විගසම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අතිගරු ජනාධිපති Sheikh Khalifa bin Zayed Al Nahyan විසින් පිලිප් කුමරුගේ අභාවය පිළිබඳව මහා බ්‍රිතාන්‍යයේ සහ උතුරු අයර්ලන්තයේ (Queen Elizabeth II of the United Kingdom of Great Britain and Northern Ireland) දෙවන එලිසබෙත් රැජිනට ශෝක ලිපියක් යවා තිබේ.

කේබල් පණිවුඩයේ ජනාධිපති අතිගරු Sheikh Khalifa bin Zayed Al Nahyan එලිසබෙත් රැජිනට සිය හෘදයාංගම ශෝකය සහ සැනසීම ප්‍රකාශ කළේය.

උප ජනාධිපති, අගමැති සහ ඩුබායි පාලකයා ද වන අතිගරු Sheikh Mohammed bin Rashid Al Maktoum සහ අබුඩාබි කුමරු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සන්නද්ධ හමුදාවේ නියෝජ්‍ය උත්තරීතර අණදෙන නිලධාරී අතිගරු Sheikh Mohamed bin Zayed Al Nahyan යනාදී නායකයින් විසින් ද දෙවන එලිසබෙත් රැජිනට මෙසේ ශෝකය පළ කරමින් ලිපියක් යවා තිබේ.

https://wam.ae/en/details/1395302925856 WAM / සිංහල

WAM/Sinhala