බදාදා 12 මැයි 2021 - 1:09:12 පස්වරු (ප.ව.)

එක්සත් ජනපද නියෝජිතයා දේශගුණික ක්‍රියාකාරකම් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැපවීම අගය කරයි


අබුඩාබි, 2021 අප්‍රේල් 10 (WAM) -- එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් පුනර්ජනනීය බලශක්ති සම්පත් පුළුල් ලෙස භාවිතා කිරීම සඳහා දක්වන කැපවීම පැසසුමට ලක් කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය විකල්ප බලශක්ති ප්‍රභවයන්ගේ වැදගත්කම වටහාගෙන ඇති අතර එය උණුසුම් මාතෘකාවක් ("long before it became a hot topic") වීමට බොහෝ කලකට පෙර සිටම සිදුවූ දෙයක් බවට දේශගුණික ක්‍රියාකාරකම් පිලිබඳ ඇමරිකානු විශේෂ නියෝජිත John Kerry පවසයි.

ලෝක බැංකුවේ වසන්ත රැස්වීම්වල කොටසක් ලෙස "දේශගුණික ක්‍රියාකාරකම් සඳහා තීරණාත්මක වසරක්" යන මාතෘකාව යටතේ අථත්ය මණ්ඩල සාකච්ඡාවකදී Kerry මේ බව පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂ Kristalina Ivanova Georgieva ඇතුළු කමිටුව CNN හි Becky Anderson විසින් මෙහෙයවන ලදී.

2021 නොවැම්බර් 1-12 දින ග්ලාස්ගෝහි පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (UN Climate Change Conference - COP26) සාර්ථක කර ගැනීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය දැඩි කැපවීමක් පෙන්නුම් කළ බව Kerry අවධාරණය කළේය.

"මට බලපෑවේ Glasgow සාර්ථක කර ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය දක්වන කැපවීමයි. ඔවුන් තවදුරටත් විමෝචනය අඩු කරන ලෙස ඉල්ලා සිටි අතර සංක්‍රාන්තියට සහාය වීමේ වගකීම ඔවුන් භාර ගත්තා. ඔව්, ඔවුන් යම් කාලයක් සඳහා, විශේෂයෙන් ගෑස් සමඟ නමුත් ඉදිරියට යනු ඇත. මෙය සිදුවෙමින් පවතින වෙනසක් බව ඔවුන් වටහාගෙන ඇති අතර ඔවුන්ගේ ආර්ථිකය විවිධාංගීකරණය කළ යුතු බවට ද." ඔහු පවසා තිබේ.

"එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකත්වය එම මාරුවීමේ අවශ්‍යතාවය සහ වසර ගණනාවක් තිස්සේ ඒකීයව අවබෝධ කරගෙන සිටියි. මෙය උණුසුම් මාතෘකාව බවට පත්වීමට බොහෝ කලකට පෙර එය මේ මොහොතේම, ඔවුන් දැනටමත් එම විවිධාංගීකරණය හා විකල්ප පුනර්ජනනීය බලශක්තිය සඳහා ආයෝජනය කර ඇති බවට." පසුගිය සතියේ අබුඩාබියේ පැවති කලාපීය දේශගුණික සංවාදයෙන් ඔහු ඉවත් කළ ප්‍රධාන පණිවිඩ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ ගත් තීරණය ගැන විමසූ විට Kerry මෙසේ පැවසීය.

ඔහු අබුඩාබියේ පැවති කලාපීය දේශගුණික සංවාදය දේශගුණයෙන් පීඩාවට පත්වන රටවල් අතර එකඟතාවයක් පෙන්නුම් කළ බව ඔහු පැවසීය.

"මෙම දශකය තීරණාත්මක දශකයක් බව අප තේරුම් ගත යුතුයි. අබුඩාබියේ පැවති සාකච්ඡාවලින් එළියට ආවේ දේශගුණික විපර්යාසයන්ගෙන් තම රට අදට බලපාන ආකාරය ගැන කතා කිරීමේදී මෙම රටවල් අතර ඇති එකමුතුකමයි."

විකල්ප පිරිසිදු බලශක්ති ඉන්ධන ලෙස හයිඩ්‍රජන් සඳහා අනාගත අපේක්ෂාවන් ද ඔහු අවධාරණය කළේය.

"මගේ හැඟීම නම්, බොහෝ අය හයිඩ්‍රජන් බහුල ලෙස පෙනෙන නිසා එය ඉහළ මට්ටමක පැවතීමට පටන් ගෙන ඇති අතර අනාගතයේ ප්‍රධාන ක්ෂේත්‍රයක් විය හැකි අඩු ශක්ති තීව්‍රතාවයකින් ඔබට එය නිෂ්පාදනය කළ හැකි නම්. දැන් තරඟයක් පවතින අතර එය පිළිගැනීමකි. 2030 දක්වා අපට තරඟයක් අවශ්‍යයි." යනුවෙන් ද ඔහු අවධාරණය කර තිබේ.

https://www.wam.ae/en/details/1395302925873 WAM / සිංහල

WAM/Sinhala